- විස්තර
- ප්‍රවර්ගය: News & Events
පොසොන් බැති ගී - 2026
පොසොන් උත්සවයට සමගාමීව පවත්වනු ලබන අන්තර් දහම් පාසල් බැති ගී තරගාවලීයේ මුලික තරග වටය 2026.06.13 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය
ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.




- විස්තර
- ප්‍රවර්ගය: News & Events
දෙවන වතාවටත් සංවිධානය කරන ලද මිහිදු ආරණ්‍ය විහාරාධිපති පුජ්‍ය ගලපාත සුමන නායක ස්වාමින් වහන්සේ ඇතුළු මිහිදු ආරණ්නාය සේනාසනසනයේ වැඩ සිටින ස් වාමින් වහන්සේලා උදෙසා වස් දානමය පිංකමක් 2025.10.07 දින සිදු කරන ලදි. මෙහිදි මෙම කාර්යාලයේ සේවය කර මියගිය පිරිස ඇතුළු මෙම පිංකම සදහා සහභාගි වු සියලු නිලධාරින්ගේ මියගිය අයට පිං අනුමෝදන් කිරිමේ කටයුත්තක්ද සිදු විය.










- විස්තර
- ප්‍රවර්ගය: News & Events
පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත් වු ජාතික පොසොන් උත්සවය ජුනි 01 වන දින මිහින්තලා රජමහා විහාරාධිපති පුජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුසාසනා පරිදි ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය විය.
ඓතිහාසික මිහින්තලා පුද බිම අපගේ සමාජ, සංස්කෘතික, අධ්‍යාපනික ආදි වටිනාකම් සියල්ල උත්පාදනය කළ ස්ථානය වන නිසා එ හා සම්බන්ධ ඉතිහාසය වියැකි යන්නට නොදි අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනිම අපගේ පරම යුතුකමයි. මිහින්තලාව යනු අපගේ ජාතිය ගොඩනැංගු ස්ථානයයි.
පැන් පුජාවෙන් පසුව සති පිරිත් පිංකම ආරම්භ විය.ඉන්පසු දානමය කටයුතු සතිය පුරාවට සිදුවිය. පොසොන් පොහොය දිනට පෙර දින මිහිදු මහා පෙරහැර විදී සංචාරය කෙරුණි.පොසොන් පොහොය දින අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මෙම පුණ්‍ය භුමියට පැමිණ වැද පුදා ගත්හ. මිහින්තලේ කොට්ධාශයේ රාජ්‍ය ආයතනද මේ සදහා පුර්ණ දායකත්වයක් දක්වන ලදි.




















- විස්තර
- ප්‍රවර්ගය: News & Events

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර මහතාගේ සංකල්පයකට අනුව මිහින්තලේ ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය සංගමය විසින් සංවිධානය කළ " ලේ දන්දිමේ උත්තම පුජා කදවුරක් " 2024.10.29 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේදි සිදු කෙරුණි. අනුරාධපුර ලේ බැංකුවේ වෛද්‍යතුමන් ඇතුලු කාර්ය මණ්ඩලයේ පුර්ණ දායකත්වය මේ සදහා ලැබුණි. ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂක අරෝෂණි කරුණාරත්න මහත්මියද මේ සහභාගි විය. රුධිර නියදි 106 ක් රැස්කිරිමට හැකි වු අතර තැලසිමියා රෝගය සදහා විශේෂ අවධානයක් යොමු විය. රුධිර දායකයන් වශයෙන් කාර්යාලයේ නිලධාරින් මෙන්ම රජරට විශ්ව විද්‍යාලයේ සිසු දරු දැරියන් හා ප්‍රදේශයේ ජනතාවගේ සිය දායකත්වය සැපයිය. ග්‍රාම සංවර්ධන ප්‍රාදේශිය සංගමය හා කාර්යාලයේ නිලධාරින් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

































