Admin Structor

ප්‍රාදේශීය ලේකම් 


 
නම         ඵන්.බි.ඵස්.ඵ්.නායක බණ්ඩාර මහතා
දුරකථන අංකය 

         071 4003165

සේවා ස්ථාන

සහකාර ප්‍රාදේශීය ලේකම්

  නම       එස්.එස්.ජයලත් මහතා 
දුරකථන අංකය
සේවා ස්ථාන
  • සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කැබිතිගොල්ලෑව

ගණකාධිකාරී

නම ලක්මිණී මාලා අමරසූරිය මිය
අධ්‍යාපන සුදුසුකම්
  • LLB, කොළඹ විශ්ව විද්‍යාලය
  • ශා්ස්ත්‍රපති (ආර්ථික විද්‍යාව),කැළණිය විශ්ව විද්‍යාලය
සේවා ස්ථාන
  • ගණකාධිකාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගලේනබිඳුණූවැව

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

නම ඩබ්ලිව්.එම් වන්නිනායක මිය
අධ්‍යාපන සුදුසුකම් ශා්ස්ත්‍රවේදී
සේවා ස්ථාන
  • සංවර්ධන සහකාර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගලෙන්බිඳුණුවැව
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්), ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගලෙන්බිඳුණුවැව

පරිපාලන නිළධාරී

   නම පුරප්පාඩු
අධ්‍යාපන සුදුසුකම්  -
සේවා ස්ථාන -

පරිපාලන නිළධාරී (ග්‍රාම නිළධාරී)

    නම එල්.කේ. ජයවික්‍රම මයා
අධ්‍යාපන සුදුසුකම් අ.පො.ස සාමාන්‍ය පෙළ
සේවා ස්ථාන
  • ග්‍රාම නිළධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තිරප්පනේ

 

 

අපගේ දැක්ම

“විශිෂ්ඨ රාජ්‍ය සේවාවක්”

අපගේ අරමුණ

“රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලම සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත ක්‍රියාවලියක් තුළින්  ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.”
 

ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය වන්නේ ‍ඓතිහාසික මිහින්තලය නම් වූ ශුද්ධ භූමිය යි. ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් මස  පුරපසළොස්වක් පොහොය දිනයේ අනුබුදු මිහිදු මහ රහතන් හිමියන් ප්‍රධාන ධර්මදූත පිරිස වැඩමවා වදාළ ශ්‍රී ලංකාවේ මිහින්තලයේ මිස්සක පබ්බත නම් වූ පර්වතයට යි.අඹතල පව්ව යන අන්‍ය නාමයකින් හැඳින්වුනු මෙයට මහින්දාගමනයෙන් පසුව මිහිඳු + තලේ (මිහින්තලේ) යන නම ආරෝපනය විය. කණ්ඨක ‍චේතිය , මහා චේතිය (මහාසෑය) අම්බස්තල චෛත්‍යයය (සේල චෛත්‍ය) ආදී පූජනීය ස්ථූප රාශියක් මෙහි ගොඩනැගුණු නිසා පසු කලෙක චේතිය ගිරි (සෑගිරිය) යන අන්වර්ත නාමයකින්ද හඳුන්වනු ලැබේ.


එදා දඹදිව අශෝක අධිරාජයාණන්ගේ මෙහෙයවීමෙන් සිරිලකට දහම් පණිවිඩය ගෙන ආ මිහිදු හිමි යන් ප්‍රමුඛ ධර්මදූත පිරිසට දේවානම් පියතිස්ස නම්වූ සිංහල නරපතියාණන් හමුවීමෙන් මේ රටේ නවමු සංස්කෘතියක ආරම්භය ඇතිවිය. සිංහල භාෂාව හා සාහිත්‍ය විවිධ කළා ශිල්ප ආදිය හැමවිටම බෞද්ධ ඌරුවට අනුව සකස් වී දියුණු වූයේ මේ   ඓතිහාසික සිද්ධියෙන් පසුවයි. මිහින්තලේ පූජා භූමියේ ඇති දාගැබ් පිළිම ගෙවල් පොකුණු ගිරිලෙන් සෙල් ලිපි ආදී විවිධ නිර්මාණයන්  පිළිබඳ නෂ්ටාව ශේෂ අපේ සංස්කෘතිය අදටත් සංකේතවත් කරයි. වැව්බැදි රටේ ගොවි බිම් තෙත් තෙත් කල  මහවැව් තැන වූ හෙල නරපතියන් අතර තමනම ඉහළින් රැන්ද වූ මහසෙන් නිරිඳුන්විසින් කරවනලද මහා කණක ධාරා වාපි (මහකනදරාව) වැව පිහිටා ඇත්තේ මිහින්තලේ නගරයට නුදුරුණි. යාපනේ මහනුවර මහා මාර්ගය හා පුත්තලම ත්‍රිකුණාමලය මහා මාර්ගය හමුවී සෑදෙන  සතරමන් සන්දිය වන්නේ මිහින්තලේ නගරයයි.දිවයිනේ සතර දිගින්ම මිහින්තලේට සම්ප්‍රාප්ත වීම පහස් වන්නේ ඒ නිසාය.


යටකියන ලද පසු බිමින් උද්දීපනයට පත්වූ  මිහින්තලේ නගරය කේන්ද්‍රස්ථානය කොටගෙන මිහින්තලේ ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාශය පිහිටා ඇත.මෙය වසම් 25 කින් සමන්විතය.


මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අනුරාධපුර නගරයේ සිට නැගෙනහිර දෙසින් පිහිටා ඇත.උතුරින්  රැඹෑව නැගෙනහිරින් කහහටගස්දිගිලිය හා ගලෙන්බිදුණුවැව ද දකුණින් තිරප්පනේ සහ බටහිරින් නැගෙනහිර නුවරගම් පලාත හා මධ්‍යම නුවරගම් පලාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින් වටව පිහිටා ඇත.එහි ‍ප්‍රධාන නගරය මිහින්තලේ ඓතිහසික පුරවරය වන අතර එය අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ අනුරාධපුර සිට කි.මි. 13 ක්පමණ නැගෙනහිරින් පිහිටා ඇත. විශාලත්වය හෙක්ටයාර 23822කි. ගම් ගණන 84ක් වන අතර පවුල් 11098 කි. ජනගහනය 35898 කි.මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තය යි.යල මහ දෙකන්නයේ වී ගොවිතැන් කරන අතර වී වගාවට අමතරව අතිර්ක බෝග වශයෙන් බඩ ඉරිඟු , කුරහන් , තල , උදු, මිරිස්, වැනි දෑ වගා කරයි. අඹ ,දොඩම් ,දෙහි , දෙලුම්, කජු ,වැනි වගාවන් අමතර වශයෙන් දක්නට ලැබේ.පොල් වගාවට සුදුසු පසක් දක්නට ලැබුණ ද සුලබ නොවේ.වැව් ආශ්‍රිතව මිරිදිය ධිවර කර්මාන්තයේ නියැලී සිටින පවුල් ද දැකිය හැකිය.


කෘෂිකාර්මික අංශයේ ගොවීන් සඳහා තාක්ෂණික දැනුම ලබාදීම වැදගත් වේ. නව වී ප්‍රභේද හදුන්වා දීමත් වී ගබඩා  ඉදිකිරීම,සහල් ආශ්‍රිත නිෂ්පාදන සදහා ගොවින් යෙමුකිරීමත් යනාදය තුළින් කෘෂිකාර්මික අංශයේ වර්ධනයක් ඇතිකළ හැක. මෙම ප්‍රදේශයේ වඩා හොදින් වැවෙන කජු ,අඹ ,දෙලුම් ,ගස්ලබු ආදි පලතුරු බෝග තවදුරටත් ව්‍යාප්ත කිරීම තුළින් ආර්ථික වාසි ලබාගැනීමට හැක.මෙම වගාවන් දැනට මහා පරිමාණයෙන් දක්නට නොලැබුනත් එම වගාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීම තුළින් ආර්ථික වාසි ලබා ගතහැක. බද්ධ කජු වගාව අඹ දෙලුම් වැනි බෝග එක් බෝගයක් එක් ගමකට කේන්ද්‍රගත කිරීම තුළින් ඵලදායිතාවය තවදුරටත් වර්ධනය කළ හැක.


මෙම ප්‍රදේශය ශ්‍රි ලංකාවේ වියළි කළාපයට අයත් ප්‍රදේශයකි.එම නිසා එම කළාපයට ආවේනික දේශගුණික ලක්ෂණවලින් යුක්තය.වර්ෂයේ මාස කීපයක් හැරුනුවිට ඉතිරි මාස වියළි ස්වභාවයක් ගනී.පෙබරවාරී ,මාර්තු ජුනී,ජුලි ,අගෝස්තු,සැප්තැම්බර්  යන මාස අධික අධික වියළි කාලගුණයක් ඇති මාස වශයෙන් හැදින්විය හැක.මෙම ප්‍රදේශයට වර්ෂාව ලැබෙන මාර්ග වනුයේ ඊසාන දිග මෝසම් ය.නොවැම්බර් දෙසැම්බර් ජනවාරී මුලදි ඊසාන දිග මෝසම් වර්ෂාව ලැබෙන අතර නිරිත දිග මෝසම් සුළං  මෙම ප්‍රදේශයෙන් හමා යයි.


සුලු කොටසක් හැරුණුවිට මෙම ප්‍රදේශයේ දැකිය හැකි වන්නේ වනාන්තර ස්වභාවයකි.මෑතක සිට එලි පෙහෙළි වූ බවක් පෙනේ.ප්‍රදේශයේ විසිරී තිබු වනාන්තර එලිපෙහෙලි කර හේන් ගොවිතැන් සදහා යොදාගෙන ඇත. වියලි කාළගුණයකට ඔරොත්තු දෙන හීන් කොළ සහිත ඝනකම් පොතුසහිත බුරුත,පලු,වීර,කලුවර ,කොහොඹ ,කොළොන්,වෑවරන ,සියඹලා,කෝන්,හල්මිල්ල,ආදි ගස්වර්ග රාශියක් දැකිය හැක.


ස්වභාවික වනාන්තර සහ ස්වාභාවික වෘක්ෂලතා ආදියට අමතරව රජයේ වනරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ තේක්ක වගාකොට ඇත.

Mihintale Ds Map

 

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය

1975 වර්ශය වන විට මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිළධාරී වසම් අටකට බෙදී පැවත ඇත. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුල්ම සහකාර ආණ්ඩුවේ ඒජන්ත වශයෙන් එඩ්මන් ජයසූරිය මහතා පත්ව ඇත. පැරණි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල 1978 වර්ෂයේදී විවෘත කරන ලද අතර  පැරණි ප්‍රා‍දේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල පිහිටා ඇති භූමියේම 2008 සැප්තැම්බර් 20 වන දින නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරන ලදී.

සේවා ලබා දීමේ පහසුව තකා ආයතන අංශය, ගිණුම් අංශය, රෙජිස්ට්‍රාර් අංශය, ඉඩම් අංශය, සංවර්ධන අංශය, ක්ශ්‍රේත්‍ර නිලධාරී අංශය වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොටස් වලට බෙදා ඇත. 

විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන්. වයස්ගත තැනැත්තන් සඳහා ප්‍රවේශ වීමටද අදාල පහසුකම් සපයා ඇති අතර කවුන්ටර් ඇති අංශ (වාහන බලපත්‍ර, සරප්, රෙජිස්ට්‍රාර් අංශ) සියලු දෙනාටම පහසුවෙන් ලඟා විය හැකි පරිදි ගොඩනැගිල්ලේ පහත මාලයේ ස්ථානගත කර ඇත. තවද විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් හා වයස්ගත තැනැත්තන් නිතර පැමිණෙන අංශ වන සමාජ සේවා අංශය සහ විශ්‍රාම වැටුප් අංශයන්ද කාර්යාලයේ පහත මාලයේ ස්ථාපනය කර ඇත. හැඳුනුම්පත් අංශය පැරණි කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපනය කර ඇත. ඒ ඒ අංශ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා නාම පුවරුද සවිකර ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවා ප්‍රඥප්තිය කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා ඇති අතර කාර්යාලයේ ඒ ඒ අංශ සඳහාද වෙනම සේවා ප්‍රඥප්තීන් ප්‍රදර්ශනය කර ඇත.  

 

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කල සහකාර ආණ්ඩුවේ ඒජන්ත/ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නාම ලේඛනය

  නම කාල සීමාව
01. එඩ්මන් ජයසූරිය 1975-1978
02. ඒ.එච්.එම්.පී අබේසිංහ 1978-1982
03. පී.ඩබ්. කොඩිප්පිලිආරච්චි 1982-1983
04. සනිල් තිලකරත්න 1983-
05. එච්.එස් කලුආරච්චි  
06. එච්.එම් කරුණාරත්න  
07. නිමල් කොටවෙලගෙදර 1992
08. ඒ.ඩී.ඩබ්.පෙරේරා 1992-1996.02.08
09. ජේ.පී.එස් ජයතිලක 1996.02.08-1999.07.19
10. පී.ඩබ් සිරිවර්ධන 1999.07.19-2001
11. සමරතුංග 2001
12. බී.එම්.ඩී.බී ඒකනායක 2001.09.06-2002.11.15
13. යූ.ටී.ආර්. රොද්‍රිගෝ අබේවර්ධන මයා 2002.11.15-2006.03.02
14. යූ.ටී.ආර්. රොද්‍රිගෝ අබේවර්ධන මයා(වැ.බ) 2007.03.02-2007.05.03
15. එම්.ඩබ්.එම්.එම් මඩහපොළ මිය 2007.05.03-2012.03.06
16. ඊ.එම්.ආර්.පී.බී ඒකනායක මයා 2012.03.08 - 2019.01.04
17. ඊ.එම්.ආර්.පී.බී ඒකනායක මයා (වැ.බ) 2019.01.04 දින සිට මේ දක්වා

 

2018 වර්ෂය වන විට මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුමත කාර්ය මණ්ඩල තොරතුරු පහත පරිදි වේ.

  තනතුර අනුමත සේවක සංඛ්‍යාව දැනට සිටින සේවක සංඛ්‍යාව පුරප්පාඩු අතිරේක
01. ප්‍රාදේශීය ලේකම් 01 01 - -
02. සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - -
03. ගණකාධිකාරී 01 01 - -
04. සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) 01 01 - -
05. පරිපාලන නිළධාරී 01 (වැ.බ) 01 -
06. පරිපාලන නිළධාරී (ග්‍රාම නිළධාරී) 01 01 - -
07. අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - -
08. විශ්‍රාම වැටුප් නිළධාරී 01 01 - -
09. ඉඩම් නිළධාරී 01 00 01 -
10. භාෂා පරිවර්ථක        
11. සංවර්ධන සම්බන්ධීකාරක 01 01 - -
12. කළමනාකරණ සහකාර 23 23 - -
13. තාක්ෂණ නිළධාරී 01 (වැ.බ) 01 -
14. සංවර්ධන සහකාර 01 01 - -
15. සංවර්ධන නිළධාරී 02 02 - -
16. සංවර්ධන නිළධාරී (ස්වදේශ කටයුතු) 29 29 - -
17. සංවර්ධන නිළධාරී (සැලසුම්) 01 01 - -
18. සංවර්ධන නිළධාරී (ඉඩම්)        
19. තාක්ෂණ සහකාර 01 01 - -
20. පරිගණක දත්ත යෙදවුම් නිළධාරී        
21. කාර්යාල කාර්ය සහකාර 03 03 - -
22. පිළිගැනීමේ නිළධාරී        
23. රියදුරු 02 01 01 -
24. මුරකරු 02 01 01  
25. කම්කරු 01 - 01  

 

News & Events

08
ජන2026
Poson bethi gee - 2026

Poson bethi gee - 2026

             ...

19
නොවැ2025
Poson Committee

Poson Committee

             ...

Scroll To Top