බුද්ධ ශාසන අමාත්‍යාංශය ,බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මිහින්තලේ ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද, රාජ්‍ය කඨීන පුණ්‍ය මහෝත්සවය ඔක්තෝබර් මස 29/30 දෙදින තුළ මිහින්තලේ රාජමහා විහාරස්ථානයේදි ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ. 29 දින සෙත් පිරිත් දේශනාවක්ත් හා අශ්ඨපාන පුජාවක් පැවැත් වු අතර, 30 වන දින රාජ්‍ය කඨින උත්සවය හා සියක් නමක් (100) උදෙසා දහවල් දානය පිරිනමන ලදි.
එම පුණ්‍ය මහෝත්සවයට බුද්ධ ශාසන අමාත්‍යාංශ අතිරේක (පාලන) නාලිකා ගුණරත්න මෙය ද අතිරේක ලේකම් (ආගමික කටයුතු) නයනා නාථවිතාරණ මිය හා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයද, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා අතුලු කාර්ය මණ්ඩලය හා පුජාභුමි අධ්‍යක්ෂක රුචිර විතාන මහතාද , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ජේ.කේ.ජයසුන්දර මහතාද ,මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර මහතා හා සහකාර ප්‍රාදේශිය ලේකම් එම්.එම්.කේ. චන්ද්‍රගුප්ත මහතා සහ මිහින්තලේ ප්‍රාදේශිය මහලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සියලුම් නිලධාරින්ගේ සහභාගිීත්වයෙන් සිදු කෙරුණි.






























