
මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු පී.ඩබ් පත්මසිරි මහතා ඔක්තොම්බර් 20 සහ 21 දෙදින තුළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී 32 වන වරටත් පැවති ශ්‍රී ලංකා මාස්ටර්ස් මළල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දුර පැනීම සහ තුන්පිම්ම යන ඉසව් සඳහා දිනා ගැනීමට සමත් විය.
මෙම තරඟාවලිය ඉන්දියාව, මැලේසියාව සහ ශ්‍රී ල්ංකාව යන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.














