මිහින්තලාවයි දහම් අමාවයි
2024
මිහින්තලේ පොසොන් උත්සවයේ ආරම්භය 2024.06.12 වන දින ආරම්භ විය. ඒ මිහින්තලේ රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර් ය පුජ්‍ය වලවාහැංගුණුවැවේ ධමිමරතන නායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර මහතාගේ සහ සහකාර ප්‍රාදේශිය ලේකම් කුමාර චන්ද්‍රගුප්ත මහතාගේ මගපෙන්විම හා මුලිකත්වය යටතේය.
මෙහිදි පොසොන් මහා පෙරහැරේ ආරම්භක කටයුතු හා පිංකම් ආරම්භ කරන ලදි.
මිහින්තලේ රජමහා විහාරයේ විහාරධිපති පුජ්‍ය භාරකාර ආචාර් ්‍ය වලවාහැංගුවේ ධම්මරතන හිමියන්පාණන් ඇතුලු මහා සංඝරත්නයේ අශිර්වාද මත මෙවර මිහින්තලා පොසොන් උත්සවය සිදු කරනු ලැබිය.
පොසොන් උත්සවය පැන් පෙරහැරින් ආරම්භ වි ඉන් අනතුරුව පිරිත් දේශනය සිදු විය.අවසන් දින පෙරහැර විදී සංචාරය කරන ලදි. මෙම පෙරහැරට අලි ඇතුන් 15 කු සහභාගි වු අතර සියලුම අංගවලින් සමන්විත විය.මල්කරුවන්, වෙස් නැටුම්, බෙර නැටුම් රබන්, ලීකෙලි ආදි විශේෂාංග බොහෝමයකින් සමන්විත විය.
කොට්ඨාශයේ සියලුම රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරින් හා මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කාර් යාලයේ සියලුම නිලධාරින්ගේ සහයෝගයෙන් මෙය සිදුවිය.
සංවිධාන කටයුතු -
***** බෞද්ධ කටයුතු අංශය*****
























