-
விவரங்கள்
-
பிரிவு: Government Service Centers
-
-
- මිහින්තලේ ප්රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර මහතාගේ සංකල්පයකට, සහකාර ප්රාදේශීය ලේකම් කුමාර චන්ද්රගුප්ත මහතාගේ උපදෙස් හා සංවිධාන දායකත්වය අනුව ජයග්රහණය ලැබිමට පමණක් නොව යහපත් කායික මානසික සෞඛ්යයක් වෙනුවෙන් ක්රිඩාව ජනතාව අතරට ගෙන යමින් , ක්රිඩා සංස්කෘතියක් සදහා නිලධාරින් සහභාගි කර ගැනිම මෙහි අරමුණ කර ගනිමින් 2025.09.20 දින මිහින්තලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ සැැහැල්ලු පන්දු ක්රිකට් කාන්තා /පිරිමි තරඟාවලිය මිහින්තලේ මහා විදුහල් ක්රිඩාංගණයදෙි පැවැත්විණි. මේ සදහා මිහින්තලේ ,රබෑව, මැදවච්චිය ,මනුප ප්රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් සහභාගි විය. කාන්තා ශුරතාවය මිහින්තලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය දිනා ගත් අතර , අනුශුරතාව මනුප කාර්යාලයට හිමි විය. පිරිමි ශුරතාවය මනුප ප්රාදේශීය ලේකම් කාර්යාලය දිනාගත් අතර අනුශුරතාව මිහින්තලේ කාර්යාලයට හිමි විය. ප්රාදේශීය ලේකම්වරුන් , සහකාර ප්රාදේශීය ලේකම්වරුන් හා නිලධාරින් 250 ට ආසන්න නිලධාරි පිරිසක් සහභාගි විය.මිහින්තලේ පොලිසිය, විදුලිබල මණ්ඩලය , ජාතික ජල ප්රවාහන මණ්ඩලය ,යන රාජ්ය ආයතනයන්හි නිලධාරින් පිරිසක්ද මේ සදහා සහභාගි විය. නිලධාරින්ගේ කායික මානසික සුවදතාවය ඉහළ නැංවීම මෙන්ම සැබැ දක්ෂතාවයද හදුනා ගැනිමට හැකි වු බව ප්රාදේශීය ලේකම්වරයා පවසා සිටින ලදි . පරිපාලන නිලධාරි ,පරිපාලන ග්රාම නිලධාරි ඇතුලු කාර්යාලීය සියලුම නිලධාරින් මේ සදහා සහභාගී විය.

-

News & Events
...
...
குடியுரிமை சாசனம்
Scroll To Top